• Login
Old Hardians' Association
  • Events & Jobs
    • Old Memories
    • Program & Events
    • Job Opportunities
  • Business Promo
    • Restricted content
  • Alumni Stories
    • Prof. Evan Hardy
    • Birth of an Association
    • Alumni Interview
  • Membership
    • Alumni Login
    • Alumni Register
    • External Business Members
    • Business Member Profile
    • Latest Members
  • About us
    • Executive Committee
    • History of Hardy Institute
    • Contact
    • Alumni Galery
    • News
  • Home
Old Hardians' Association
  • Events & Jobs
    • Old Memories
    • Program & Events
    • Job Opportunities
  • Business Promo
    • Restricted content
  • Alumni Stories
    • Prof. Evan Hardy
    • Birth of an Association
    • Alumni Interview
  • Membership
    • Alumni Login
    • Alumni Register
    • External Business Members
    • Business Member Profile
    • Latest Members
  • About us
    • Executive Committee
    • History of Hardy Institute
    • Contact
    • Alumni Galery
    • News
  • Home


මයිකල්ට සිදු වු ඇබැද්දිය

හාඩියේ අධ්‍යාපනය ලැබුවන් සහ ලබන්නන්ගේ රසාස්වාදය සඳහා මේ අතීත ආවර්ජනයන් සටහන් තැබීමට සිතුවේ අපේ ඇවෑමෙන් පසු ඒවා වැලලී යනු ඇතැයි සිතුනු නිසාය .

(අංක 02 )

දැන් අපි හාඩි ආයතනයට පැමිණ මාස කිහිපයක් ගත වී ඇත .මේ 1983 අවුරුද්දයි. අම්පාර නගරයෙත් හාඩියෙත් අස්සක් මුල්ලක් නෑරම දැනුවත් වීම ගැන අපට ඇත්තේ සතුටකි.

අපේ හාඩියේ පිරිමි නේවාසිකාගාරය කොටස් තුනකට බෙදා වෙන් කර ඇත්තේ අපට කණ්ඩායම් කිහිපයකට ඉහත සිටි ජ්‍යෙෂ්ඨයින්ය.

කොරියාව ,සාම කලාපය ,වියට්නාමය යනුවෙන් ඒවා නම් කර තිබුණි.
ඒ මන්ද යත් මෙම නම් පෙල එකිනෙකට පෙල ගැස්සවීමෙදී ඔබට යම් අදහසක් ගත හැකි යැයි සිතමි .

අප පලමු වසර ගත කල යුත්තේ කොරියාවේය. එම ගොඩනැගිල්ල විශාල ප්‍රමාණයේ කාමර 12 කින් සමන්විතය . (Dometries) එක් කාමරයක දෙපස ඇඳන් 8 බැගින් 16 කි. මෙම ගොඩනැගිල්ල තුල පසු පසට වන්නට දෙපස නාන කාමර යුගලයක් සාදා ඇත . එක්⁣ කොටසක කුඩා කාමර 10 කින් සමන්විත වැසිකිළි පද්ධතිය බැගින් සාදා තිබේ.

උදැසන ඇරඹීමත් සමගම මෙම ස්ථාන දෙකෙහිම තත්වය ඉතාමත් කාර්ය බහුලය. ඇතැමෙක් මුහුණ සෝදයි, තවත් කොටසක් ස්නානය කරයි,තව පිරිසක් වැසිකිළි පෝලිමේය.ඉක්මනින් මෙම වැඩ කටයුතු සිදු කර ගෙන උදැසන ආහාරය සඳහා කෑම කාමරය (Dining hall ) වෙත යා යුතුය .
මන්ද , ප්‍රමාද වීම ආහාර හිඟයකට මඟ පෑදෙන නිසාය . කථා නිමිත්ත මෙය නොවේ.

අපේ කණ්ඩායමේ කලට වෙලාවට වැඩ කටයුතු කරන සහෝදරයෙක් සිටියේය.
අද සොයා ගැණීමට නොහැකිව ඇත්තේත් එවැනි පුද්ගලයින්ය. ඔහු උදෑසනින් අවදිව සියලු කර්තව්‍යයන් නියමිත වේලාවන් තුල සිදු කරගෙන අප සැමට කලින් දේශන ශාලාවට යෑම පුරුද්දක් කර ගෙන සිටියේය .

ඔහුගේ නම සදහන් කල නොහැකි නිසා අපි ඔහුට නමක් තබමු. අපි ඔහුට මයිකල් කියමු.
වෙනදාමෙන් උදෑසනින්ම අවදි වු මයිකල් නාන කාමර වෙත ගියේ අවශ්‍ය ශාරීරික කර්තව්‍යයන් සිදු කර ගැණීමේ අටියෙනි. ඔහු යනවිටත් නාන කාමර පද්ධති දෙකෙහිම සිසුන් පිරී සිටීයහ.මන්ද ,එදින විශේෂ දේශනයක් සඳහා සියලු දෙනා උදේ 8.00 වනවිට ශ්‍රවණාගාරය වෙත යා යුතුව තිබු නිසාය .
මයිකල්ට වෙනදාමෙන් කඩිනමින් සූදානම් වීමට නොහැකි වීම කණස්සල්ලට හේතුවක් වී තිබුණි .

ඔහු කොරිඩෝවේ එහා මෙහා සක්මන් කරමින් වෙනදාට හිරු එළිය වැටෙන තුරු ඇඳට වී සිටින්නන්ට දෙස් දෙවොල් තැබුවේය .

වියට්නාමය ඉදිරිපිට ඇත්තේ හාඩි ක්‍රිඩාංගනයයි. ක්‍රීඩක – ක්‍රීඩිකාවන් සහ නරඹන්නන් සඳහා ක්‍රීඩාංගණයේ කෙලවර කාමර 10 කින් යුතු වැසිකිළි පද්ධතියක් එකල සාදා තිබණී. සමහර විට දැනටත් ඇතැයි සිතමි .

එම වැසිකිළි පද්ධතියට ආසන්නයෙත් ඊට පසුපසත් ඇත්තේ ඝණ කැලෑවකි. මෙම කැලෑ රොදට පිටුපසින් කොන්ඩුවටුවාන ජලාශයේ සිට දිය බසින්නා වු ප්‍රධාන ඇල මර්ගය පිහිටා ඇත .

මෙම ඇලට බෝග ඇල යනුවෙන් නම් තබා ඇත. ඒ මෙම ඇල මාර්ගය අපිරිසිදු කිරීම නිසා නොව මෙම ඇලට යාමට ඇති මාර්ගය මෙම වැසිකිළි පද්ධතිය අසලින් යෙදී ඇති නිසාය .
වැසිකිළි පද්ධතියේ සිට තවත් මීටර් 150 ක පමණ දුරක් ඇල මාර්ගයට යා යුතුව ඇත .

මයිකල් ඉක්මනින් සුදානම් වීමට ශරීර කෘත්‍යයන් කර ගැණීම සඳහා මෙම වැසිකිළි පද්ධතිය තෝරා ගන්නේ තවත් ප්‍රමාද වුවහොත් එම ස්ථානයේද පෝලිමක් හට ගන්නා නිසාවෙනි .

මයිකල් දිව ගොස් එතැන වු ටැංකියෙන් වතුර බාල්දියක්ද ගෙන වැසිකිළි පද්ධතියේ කෙලවර වු වැසිකිළියට ඇතුළු විය .
වැසිකිළි කාමරය තරමක් විශාලය. එසැනින් ඔහුට වැසිකිළිය තුළින් නුහුරු ශබ්දයක් ඇසුණී. නලා හඬ නොඇසෙන නලාවක් පිඹින්නාසේය. ඔහු වහා වටපිට සෝදිසි කර ඇත .මයිකල් එහි ගියාටත් වඩා වේගයෙන් වැසිකිළි දොරටුවෙන් එලියට පැන්න බව දුටුවෙකු පවසයි.

කරුමයක මහත වැසිකිළියේ මුල්ලක දරණ ගසා ගත් පොළඟෙකු සිට ඇත .
පොළඟාගෙන් බේරුන මයිකල් දහඩිය දමමින් ඇඟ ගැහෙමින් වැසිකිළි පද්ධතියේ ඉදිරියෙන්ම වු වැසිකිළි කාමරයට ගොඩ වුයේ හොඳට වටපිටාව පරීක්ෂා කිරීමෙන් අනතුරුවය .

මයිකල් විටින් විට වැසිකිළි දෙරටුවෙන් එලියට හිස දමා බලනුයේ පොළඟා තමන් සිටින දිශාවට එතැයි ඇති වු සැකය නිසාවෙනි . එය පහසු වුයේ මෙම වැසිකිළි පද්ධතියේ කිසිම වැසිකිළි කාමරයකට දොර ලෑල්ලක් නොතිබු නිසාය.
වැසිකිළියේ සිටින කෙනා පිටතට නොපෙනුනේ ඝන කැලෑවේ ආධාරයෙනි .
තමන් පැමිණි කාරනය ඉෂ්ඨ කරගත් මයිකල් වැසිකිළි කාමරයේ සිටම ක්‍රීඩාංගණය දෙසට නෙත් යොමු කලේ තවත් කවුරුන් හෝ පැමිනෙමින් සිටීද යන්න බැලීමටය.
මයිකල්ට දෙවියන් සිහිවිය. ක්‍රීඩාංගණය හරහා මිනීමරු තනි අලියා පැමිනෙමින් සිටී. අලි මංකඩ වැටී ඇත්තේද මෙම වැසිකිළි පද්ධතිය අසලින් ඇති කොන්ඩුවටුවාන ඇලට යන මාර්ගයේමය.
ඇත්තෙන්ම , අප එම මාර්ගය ඇලට යන මාර්ගය ලෙස යොදා ගත්තත් අපට කලින් මෙම මාර්ගය සාදා ඇත්තේ වන අලි විසින්මය.
දැන් කුමක් කරන්නද..? ඔහුට සිහිවන්නට ඇත . වැසිකිළියට වී දොර වසාගන්න දොරක්ද නොමැත . වැසිකිළියට වී සිටියහොත් අලියාට ඔහුව පෙනෙනු ඇත නැතහොත් අලියාගේ ඉවටද හසුවීමට ඉඩ ඇත.
මේ වනවිට මෙම මිනීමරු තනි අලියා ප්‍රදේශයේ ජීවිත ගනනාවක් බිලි ගෙන තිබුණි.
අලියාට සැඟවී වැසිකිළිය වටා හෝ යාමට නොහැකි තත්වයකි. මන්ද වැසිකිළි කාමරයේ සිටි විෂකුරු පොළඟා කොතනට ඇදී ගියාදැයි නොදනී.

උදෑසන මයිකල් එම වැසිකිළි පද්ධතිය දෙසට ගිය බව දුටු අයෙක් සිටියේය .

මුලින්ම මිනීමරු තනි අලියා ක්‍රීඩාංගණය හරහා පැමිනෙන බව දුටු පුද්ගලයාද ඔහුය. ඔහු අපේ නේවාසිකාගාර භාර නිලධාරියා වු චන්ද්‍රා නානායක්කාර මහතාය.

ඔහු වහාම වියට්නාමයේ වාසය කරන ජ්‍යෙෂ්ඨ සහෝදරයින් දැනුවත් කර ඇත.
නිදි ඇඳෙන් නැගිට ගත් ජ්‍යෙෂ්ඨ සහෝදරයින් වහා පැමිණ ටින්,බෙලෙක්ක,උදළු තල යනාදියට ගසමින් කෑ කෝ ගසමින් මිනීමරු තනි අලියාගේ ගමන් මග වෙනස් කිරීමට සමත් විය.

ඒ නිමේෂයෙන් අවශ්ථාව ලබා ගත් මයිකල් මුවෙකු පසු පස හඹා යන කොටියෙකු සේ වියට්නාමය කරා දිව ආවේ මරණයෙන් දිවි ගලවා ගෙනය.

මර බියෙන් ගැහෙමින් දහඩියෙන් තෙත බරිතව සිටියත් මයිකල්ගේ කණස්සල්ල වුයේ නියමිත වේලාවට ශ්‍රවණාගාරයට යාමට නොහැකි වීම ගැනයි .

මදක් වියට්නාමයේ පුටුවක හිඳගෙන හති හලමින් සිටි මයිකල්ගෙන් නානායක්කාර මහතා විමසුවේ කෝ මයිකල් ඔයා වැසිකිළිය පැත්තට යද්දී ඇඳගෙන ගිය රතු පාට ටවල් එක කියාය.

ඒ සමගම මයිකල් කිසිවක් නොකියා කොරියාව දෙසට වේගයෙන් දිව යන්නට විය. රතු පාට ටවලය වැසිකිළි කවුළුවේය.

අමතක නොවන මතක අතර මේ සත්‍ය සිද්ධියත් 82 (කෘෂි ඉංජිනේරු ) කණ්ඩායමේ ප්‍රසිද්ධ කථාවකි .

කුතුහලය ,ත්‍රාසය , භීතිය , අනුකම්පාව.සිනහව මේ කථාව තුළින් ඔබට දැනෙන්නට ඇතැයි සිතමි .

මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග .
ජා:තා:ඩි: (කෘෂි ඉංජිනේරු )
82/85 කණ්ඩායම

Posted By , 28 Jun 2026

SHARE THIS STORY

  • facebook
  • twitter
  • google
Previous Story අමතක නොවන මතක
Next StoryFROM RAGS TO RICHES_The Rag Week Wars May 17–24, 1977
Old Hardians' Association
University
  • Students
  • Events
  • Alumni Galery
Alumni
  • Contacts
  • Career
  • About us
  • Apply to Job
LEGAL
  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Policy
Alumni Account

© 2026 Old Hardians' Association
Powered by SICHROTEC™