
හාඩියේ සුන්දර නවක වදය
හාඩියේ අධ්‍යාපනය ලැබුවන් සහ ලබන්නන්ගේ රසාස්වාදය සඳහා මේ අතීත ආවර්ජනයන් සටහන් තැබීමට සිතුවේ අපේ ඇවෑමෙන් පසු ඒවා වැලලී යනු ඇතැයි සිතුනු නිසාය .
( 03. කොටස )
මුලින්ම හාඩිය තුල එකල ක්‍රියාත්මක වු නවක වදය ගැන ඔබට දල අදහසක් දිය යුතු යැයි සිතුණී.
ඇත්තෙන්ම, නමින් නවක වදය වුවද එහි ඇත්තේ රංගනයකි .
රංගන ක්‍රම රාශියක් තිබුනද එය හෙලිකල නොහැක්කේ ඒවා සමාජ ගත වීමෙන් හාඩි නවක වදය ගැන තියෙන වටිනාකම අඩු වීමට ලක් වන නිසාය .
82 වර්ෂයේ අපේ කණ්ඩායම හාඩියට ආ මුල් දින උදෑසන අපට සහෝදරත්වයෙන් සැලකු ජ්‍යෙෂ්ඨයින්ගේ තත්වය සවස් වනවිට වෙනස් වී ඇති බව අප සැමටම දැනෙන්නට විය .
නේවාසිකාගාරය තුල අපට හිමි ස්ථාන සකස් කර ගත්තේ ජ්‍යෙෂ්ඨයින්ගේ දෝෂාරෝපණ මැදය .
රාත්‍රී ආහාරය ගත්තේද විවිධ වැරැදි පෙන්වමින් කරන කෑ කෝ ගැසීම් අතරේය.
දැන් අප කරදරයකින් තොරව ඇඳන් මතය.
මැදියම් රැයට ආසන්නය එක්වරම හෙනයක් පුපුරන්නා සේ හඬක් ඇසුණී . අයෙකු මරළතෝනී තබයි . ජ්‍යෙෂ්ඨ උත්තමයා මම ඇත්ත කියන්නම් ගහන්න එපා. කෙඳිරිලි හඬකින් පහර කෑමට ලක් වෙන තැනැත්තා කියනු ඇසේ. ඒ සමගම තවකෙකු තොපි මෙතනට ගොඩ වැදුනා විතරයි කරපු වැඩේ . තෝ අද මරණවා, යලි පහර දෙනු ඇසේ, පරුෂ වචන කිහිපයක්ද මහ හඬින් ගිගිලුවේය. පහර කෑමට ලක් වෙන තැනැත්තාගේ කෙඳිරිල්ල වේදනාව දරා ගත නොහැකිව නඟන හඬක් බව පැහැදිලිය.
මොකක්ද උඹේ නම මහ හඬින් අසයි මාාාලන් අපහසුවෙන් පිළිතුරු දෙයි. (නියම නම නොවෙි) දෙවියනේ අපිත් එක්ක උදේ ටවුන් එකේදී තේ බීව අපේ කණ්ඩායමේ මාලන්ට නේද මේ ගහන්නේ මොන වරදක් කලාටද ඉබේටම අපි කිහිප දෙනෙකුටම කියවිණි .
අපේ කාමරයේ සිටි සියළු දෙනාම අවධියෙන්ය. ඒ වගේම සමහරුන් බියෙන් වෙවිලති.
එකල, හාඩිය තුල අපට අමතරව පලමු වසරයේදී ,civil ,electrical ,mechanical (engineering ) කණ්ඩායම් සියල්ලෝම ඉගෙනුම ලැබීය. ඔවුන්ද අප සමග එදින ලියාපදිංචි වී මෙම නේවාසිකාගාරයේ කාමර තුලය.
ඉන් අනතුරුව අපේ කාමරයටද ජ්‍යෙෂ්ඨ උත්තමයින් කඩා වැදුණි .
දින 10 කට ආසන්න කාලයක් නවක වදයට ගොඳුරු වු අපහට එකිනෙකා සමග කථා කිරීමට පවා සීමාවන් පනවා තිබුණි .
නවක වදයේ කටුක අවශ්ථාවන් වලට මුහුණ දුන්නද පසුව ඒ ගැන මෙනෙහි කලවිට සියල්ලන්ටම දැනුනේ විශාල සතුටෙකි.
නවක වදය අවසානයේ ඇත්තේ ජ්‍යෙෂ්ඨයින් විසින් ලබා දෙනු ලබන welcome party යයි.
නවකයින් ලබා දෙනු ලබන සංග්‍රහයේ රස මුසු තැන් ඇත . ඉදිරි සටහනකින් ඉදිරිපත් කරමි.
දැන් අමතක නොවන මතකය අවදි කරමු.
මුල් දින රාත්‍රියේ මහ හඬින් ඇසුණ ශබ්දය ජ්‍යෙෂ්ඨයෙකු විසින් කැඩී ගිය ලොකරයකට ලීයකින් තඩිබාන ශබ්දයයි.
පහර කෑ මාලන් ලෙස රඟ පා ඇත්තේද ජ්‍යෙෂ්ඨ සහෝදරයෙකි, බැන වදිමින් මරා දමන බවට තර්ජනය කර ඇත්තේද ජ්‍යෙෂ්ඨයෙකි.
අපට මර බිය ඇති කල එම සිද්ධිය ජ්‍යෙෂ්ඨයින්ගේ සාර්ථක රංගනයක් බව තවමත් අපගේ අමතක නොවන මතක අතර රැඳී ඇත .
මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග .
ජා:තා:ඩි: (කෘෂි ඉංජිනේරු )
82/85 කණ්ඩායම
Posted By , 07 Jul 2026
