• Login
Old Hardians' Association
  • Events & Jobs
    • Old Memories
    • Program & Events
    • Job Opportunities
  • Business Promo
    • Restricted content
  • Alumni Stories
    • Prof. Evan Hardy
    • Birth of an Association
    • Alumni Interview
  • Membership
    • Alumni Login
    • Alumni Register
    • External Business Members
    • Business Member Profile
    • Latest Members
  • About us
    • Executive Committee
    • History of Hardy Institute
    • Contact
    • Alumni Galery
    • News
  • Home
Old Hardians' Association
  • Events & Jobs
    • Old Memories
    • Program & Events
    • Job Opportunities
  • Business Promo
    • Restricted content
  • Alumni Stories
    • Prof. Evan Hardy
    • Birth of an Association
    • Alumni Interview
  • Membership
    • Alumni Login
    • Alumni Register
    • External Business Members
    • Business Member Profile
    • Latest Members
  • About us
    • Executive Committee
    • History of Hardy Institute
    • Contact
    • Alumni Galery
    • News
  • Home


“අමතක නොවන මතක” සිර දඬුවම් විඳි සෙයිනුඩීන් …

8 කොටස ..

සෙයිනුඩීන් සමග බන්ධනාගාර බස් රථය පිටත්ව යාම අපට දරා ගත නොහැකි කණගාටුවක් සිත් තුල ඇති කලේය .

මෙතැන් සිට සිදු වු සිදුවීම් අප නොදත් අතර සියල්ල සෙයිනුඩීන්ගෙන් විමසා දැන ගැණීමට සිදු විය .

එදින සවස 3.30.ට පමණ මඩකළපුව බන්ධනාගාරය වෙත බස් රිය ලඟා වී ඇත . බසයෙන් බස්සවා ගත් සෙයිනුඩීන් බන්ධනාගාර නිලධාරීන්ගේ අණසක යටතේ බන්ධනාගාරය වෙත පියමැන්නේ දහසකුත් සිතුවිලි මැදය.

පලයං අර කාමරයට . උඹෙි ඔය ඇඳුම් ගලවලා අර මහත්තයාට භාර දීපං කියා ජේලර්මහතෙකු තවත් ජේලර්මහතෙකු පෙන්නු බව ඔහු කියා සිටි.

ඇඳුම් ගලවා කුමක්ද අඳින්නේ යැයි උභතෝකෝටික ගැටලුවකි . සෙයිනුඩීන් කල්පනා කරමින් සිටින විට එහි පැමිණි ජේලර්මහතෙකු . උඹ තවමත් ඇඳුම් ටික භාර දුන්නේ නැද්ද . ප්‍රශ්න කලාය.

දැන් ඔහු සිරකරුවෙකි බන්ධනාගාර නීති රීති වලට යටත් විය යුතුය . එනමුත් නොකල වැරැද්දකට දඬුවම් විඳීමට සිදුවීම ගැන සෙයිනුඩීන්ගේ සිත ගත පුරා දිව යන්නේ පසුතැවිල්ලක් වගේම වෛරයෙකි.
එනමුත් සෑම වේලාවකම සිනාමුසු මුහුණින් සිටින සෙයිනුඩීන්ගේ මුහුණින් එය පිළිබිඹු නොවුණි .

ඒත්. නොකල වැරැද්දකට මා නිරුවත් වෙන්නේ කුමකටද යන්න ඔහුගේ සිත කියවන්නට පටන් ගත් බව ඔහු පැවසීය .

දැන් ඔවුන්ගේ විධාන ක්‍රියාත්මක නොකොලොත් පහර පිට පහර ලැබෙන බව එතැන සිදු වු සිදුවීම් තුළින් සෙයිනුඩීන් අවබෝධ කර ගෙන සිටී.

ආ …. උඹ තවමත් කල්පනා කරනවා වගේ කොසු මිටක් වැනි ලී කැබැල්ලක් අතැතිව සිටි ජේලර්මහතා ගිගුරුවේය.

බළලෙකුට හසු වු මී පැටවෙකු සේ සෙයිනුඩීන් හොර ඇසින් ඔහු ⁣දෙස බැලීය . ඉඳා…..මේ ජම්පර් සූට් එක ඇඳ ගෙන ඉක්මනට වරෙං…ජේලර්මහතාගේ විධානය විය.

සෙයිනුඩීන් ලහි ලහියේ ජම්පරය ඇඟ ලා ගත්තේ එයද පොඩි සැනසීමක් වු නිසාය .
ඊට පසු සෙයිනුඩීන් තම ඇඳුම් , රෙදිපිළි සහිත බෑගය, වේලාව සටහන් නොවන අත් ඔරලෝසුව , රු 80 ක් සහිත මුදල් පසුම්බිය බන්ධනාගාර නිලධාරීයාට භාර දීමට කටයුතු කර ඇත.

ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරියා සෙයිනුඩීන්වද කැඳවාගෙන ගියේ ඔහුට අදාල කාමරය පෙන්වා ඊට ඇතුළත් කිරීම සඳහාය.

තිදෙනෙකුට පමණ සිටීමට ප්‍රමාණවත් මෙම කුටියේ සෙයිනුඩීනුත් සමග අට දෙනෙකි. නිදා ගැණීමට තබා වාඩි වී සිටීමට පවා ඉඩකඩ නැත. සියල්ලෝම සිට ගෙන සිටිති.

රෑ බෝ වී ඇති බව දැනුනේ එකා දෙන්නා නිදිමත ගතිය නිසා ඈණුම් හරින්නට පටන් ගත් නිසාය . මුත්‍රා කිරීමට පවා එළියට යාම තහනම්ය.

ඒ සඳහා ඔවුන් වෙන් වෙන්ව තබා ගත් බොතල්,ටින්,හට්ටි ,මුට්ටි තිබු බව සෙයිනුඩීන් මා සමග පවසා ඇත . පසු දිනට පහන් වී ඇත . දැන් සියල්ලන්ම කුටි තුළින් එලියට ගනු ලැබුවේ තමන්ගේ ශරීර කෘර්තියන් සහ මුහුණ සෝදා,දත් මැද ගැණීමටය. ඔවුන් පලමුව සිදු කලේ පෙර දින රාත්‍රියේ එකතු වු මුත්‍රා වැසිකිළියට විසි කොට භාජන පිරිසිදු කර ගැණීමය. ඒ සියල්ල සඳහා කාලයක් වෙන් කර ඇත .
එම කාලය තුල වැඩ කටයුතු අවසන් කර ගත යුතුය . එසේ නොවුන හොත් තමන්ගේ කාර්යයන් වලින් අඩක් සිදු කර ගෙන පැමිණීමට සිදු වේ.

සෙයිනුඩීන් මට උදාහරණයක් පැවසීය .
ස්නානය සඳහා කාලයක් වෙන් කරන්නේ කණ්ඩායම් වශයෙනි එකි කණ්ඩායමක දස දෙනෙකු පමණ ඉන්නවා . ජල ටැංකිය වටා අප හිඳුවා කෝප්පයකින් හිසට ජලය වත් කිරීම සඳහා අයෙකු පත්කර සිටී. ඔහු ජලය වත් කරන්නේ ජේලර් මහතාගේ විධානය අනුවය. සබන් ගෑමටද වේලාවක් වෙන් කර ඇත. ඒ වේලාව තුලදී සබන් ගා නැවත ජල කෝප්පය වත් කරන වෙලාවට පැමිණීමට නොහැකි වුවහොත් ඔහුට සබන් සමග එදින හිඳීමට සිදු වේ.
සෙයිනුඩීන් සිනා වෙමින් පසු කලක පැවසීය .

සිර දඬුවමක් වුවද එය ජීවිතයේ වැඩ කටයුතු කලට වෙලාවට සිදු කිරීමට උගන්වන පාඩමක් වැනිය සෙයිනුඩීන් පැවසීය .

එදින , දහවල් බන්ධනාගාර අධිකාරිතුමා ඇතුළු ජේලර් මහතුන්ගෙන් සැදුණු සම්මුඛ පරීක්ෂණයකට සෙයිනුඩීන්වද ඉදිරිපත් කර ඇත.

එහිදී , තමන් කර ඇති වරද, අධ්‍යාපනික සුදුසුකම්, ශාරීරික යෝග්‍යතාව අනුව පත්වීම් ලබා දී ඇත .

සෙයිනුඩීන්ට ලැබුණ පත්වීම. බන්ධනාගාර අධිකාරිතුමාගේ කාර්යාලය සහ වැසිකිළිය පිරිසිදු කොට ඉදිරිපස මිදුල අතු ගෑමයි.
අනතුරුව අධිකාරිතුමාගේ කාර්යාලයේ තබා ඇති කුඩා පුටුවක සෙයිනුඩීන් වාඩිවී සිටින්නේ අධිකාරිතුමා නියෝග කරන කාර්යයන් සඳහා වහා යොමුවීමටය.

දුටුවන් සමග කාරුණිකව සිනහා වීම ඔහුගේ පෙර පුරුද්දකි. ඒ නිසාම ඔහුට බන්ධනාගාර නිලධාරීන්ගෙන් රැවුම් ගෙරවුම් අඩු විය.
ඔහුගේ රාජකාරියෙන් පසුව නැවත සිර කුටියට යා යුතුය .

ඔහුගේ කුටියේ බොහෝ දෙනෙකුට පත්වීම් ලැබී තිබුණි . ඒ,කුස්සි පාටිය, වැසිකිළි පාටිය,බන්ධනාගාර රෝහල පිරිසිදු කිරීමේ පාටිය,දර පැලීමේ පාටිය යනාදී වශයෙනි .

මා නොදන්නා වැදගත් කරුණක් සෙයිනුඩීන් මා සමග පැවසීය .එය ඔබත් දැනගත යුතු යැයි සිතුනු නිසා මෙහිලා සටහන් කරමි.
සෙයිනුඩීන්ට නියම වු සිර දඬුවම මසක කාලයකි.එය ගණනය කරනු ලබන්නේ එම කාලය තුල ඇති රජයේ වැඩ කරන දින ගනන අනුවය. සෙනසුරාදා ,ඉරිදා ,පොහොය දින, වෙනත් රජයේ නිවාඩු දින එම දඬුවමෙන් ඉවත් වේ. ඒ අනුව සෙයිනුඩීන්ගේ සිර දඬුවම් කාලය දින 22 කි.
දින 22 ක් වුවද එය ගෙවා දැමීම මාස 22 ක් තරමට කටුක බව සෙයිනුඩීන් කීවේ හැඟීම් බරවය.

මෙලෙස කාලය ගෙවී යමින් තිබියදී, බන්ධනාගාර අධිකාරි කාර්යාලය පිරිසිදු කරන සෙයිනුඩීන්ට එහි සේවය කරන ජේලර් මහතෙකු ද්‍රවිඩ පුවත් පතක සඳහන් කරුණු පහදා දෙන ලෙස ඉල්ලීමක් කලේ බන්ධනාගාර අධිකාරිතුමාද එහි සිටියදීය.

පුදුමයෙකි උපතින්ම මුස්ලිම් ජාතිකයෙකු වු සෙයිනුඩීන්ට ද්‍රවිඩ පුවත් පත කියවීමට නොහැකිය , ඒ විතරක් නොව ද්‍රවිඩ බස චතුර ලෙස හැසිරවීමටද නොහැකිය.

එම සිද්ධිය බන්ධනාගාර නිලධාරීන්ගේ සැකයකට තුඩු දුන් කරුණක් විය.
මන්ද ඒ වනවිට එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයින් කිහිප දෙනෙකු මඩකළපුව බන්ධනාගාරයේ සිර ගත කර සිටි නිසාය . ඔවුන්ට සෙයිනුඩීන් ගැන සැක සිතී ඇත්තේ රහස් පරීක්ෂකයෙකුද එහෙමත් නැත්නම් වෙනත් ක්‍රියාකාරකමක් උදෙසා උවමනාවෙන්ම සිරගත වුවෙකුද යනුවෙනි .

ජේලර්වරුන්ට විශ්වාසවන්ත සිරකරුවන් කිහිප දෙනෙකුට ඔවුන් පවසා ඇත්තේ සෙයිනුඩීන් ගැන විපරමින් සිටින ලෙසය. ඒ සිරකරුවන් අතරින් අයෙකු සෙයිනුඩීන් සමග හිතවත්ව සිටි අයෙකි. ඔහු ඒ බව සෙයිනුඩීන්ට පවසා පරිස්සමෙන් ඉන්න යැයි පැවසුවේ ගොඩ නැගී තිබු මිත්‍රත්වය නිසාය.
එය සෙයිනුඩීන්ගේ සිතෙහි චකිතයක් ඇති කල අවශ්ථාවක් විය.

මේ හේතුව නිසාම සෙයිනුඩීන්ගේ සහෝදරිය සහ සහෝදරයා මහේස්ත්‍රාත්තුමා හමු වී තම සහෝදරයාගේ සිරගත වීම පිළිබඳව තොරතුරු විමසා නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් බව පැවසුවත් ඒ වනවිට සෙයිනුඩීන් නිදහස් වීමට දින 4 ක පමණ කාලයක් ඉතිරිව ඇති නිසා එයද නිෂ්එල කාර්යයක් බව වැටහීම නිසා අත් හැර දමා ඇත .

දැන් සෙයිනුඩීන් නිදහස ලබන දිනය උදාවිය . ඔහු නිදහස ලබා ගියේ සිය ඇඳුම් බෑගය ලබා ගැණීමටය. ඒ තම ඇඳුම් ලහි ලහියේ ඇඟලා ගෙන ජම්පරය බාර දීමටය. සිය බඩු බාහිරාදිය ලබා ගැණීමේදී ඔහු භාර දුන් වේලාව නොයන අත් ඔරලෝසුවත්,රුපියල් 80 ක මුදලත් අස්ථාන ගත වී තිබුණු බව පැවසීය .

ඔහු කැඳවාගෙන යාමට ⁣සහෝදරිය පැමිණ සිටි නිසා මුදල් ප්‍රශ්නයක් ඇති නොවු බවද ඔවුන් මඩකළපුවේ සිට කොළඹ ගිය බවත් එහිදී සිර දඬුවම සම්බන්ධව අධිකරණයෙන් ලිපියක් ලබා ගත් බවද ඔහු පැවසීය .

අධිකරණයෙන් ලබා ගත් ලිපියත් සමග සෙයිනුඩීන් හාඩියේ පෙනී සිටියේ පලමු වසර විභාගය ආරම්භ කිරීමට සුදානම් ව සිටි මොහොතේය.
එවකට සිටි අපේ නියෝජ්‍ය විද්‍යාලාධිපති මේජර් එස් .ඩී. ලංකාදේව මහතා සෙයිනුඩීන් අත වු ලිපිය රැගෙන සෙයිනුඩීන්ට පලමු වසර විභාගයට පෙනී සිටීමට බාධාවක් නොමැති බව ප්‍රකාශ කලේය .

ඒ සමගම කණ්ඩායමේ සහෝදර සහෝදරියන්ගේ අත් පොලසන් ජය ඝෝෂා මැද සෙයිනුඩීන් පලමු වසර විභාගය සඳහා අසුන් ගත්තේය.

පසු වදන

සෙයිනුඩීන්ගේ සහෝදරිය සහ සහෝදරයා දිවයිනේ සුපතල නීතීඟුයින් දෙපලකි. සෙයිනුඩීන්ගේ සහෝදරිය මෑතකදී විශ්‍රාම ගනු ලැබුවේ මහාධිකරණ විනිශ්චයකාරතුමියක් ලෙසින්ය .

මෙම ලිපිය සැකසීමේදී සහය දැක්වු, මා දිරිමත් කර අවශ්‍ය තොරතුරු ලබා දුන්.
අප කණ්ඩායමේ .

අනුර දිසානායක සොයුරාටත් .
එම්.රසීක් හසීම් සොයුරාටත්.

බෙහෙවින්ම ස්තුති කරන්නට අමතක නොකරමි.

ජායාරූප මුල් අයිතිකරු සතුය.

මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග .
ජා:තා:ඩි: (කෘෂි ඉංජිනේරු ).
82/85 කණ්ඩායම

Posted By , 07 Jul 2026

SHARE THIS STORY

  • facebook
  • twitter
  • google
Previous Story “අමතක නොවන මතක” සෙයිනුඩීන්ට විරුද්ධ නඩු විභාගය
Next Story“අමතක නොවන මතක” ආහාර අර්බුදයට විසඳුමක් …
Old Hardians' Association
University
  • Students
  • Events
  • Alumni Galery
Alumni
  • Contacts
  • Career
  • About us
  • Apply to Job
LEGAL
  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Policy
Alumni Account

© 2026 Old Hardians' Association
Powered by SICHROTEC™