• Login
Old Hardians' Association
  • Events & Jobs
    • Old Memories
    • Program & Events
    • Job Opportunities
  • Business Promo
    • Restricted content
  • Alumni Stories
    • Prof. Evan Hardy
    • Birth of an Association
    • Alumni Interview
  • Membership
    • Alumni Login
    • Alumni Register
    • External Business Members
    • Business Member Profile
    • Latest Members
  • About us
    • Executive Committee
    • History of Hardy Institute
    • Contact
    • Alumni Galery
    • News
  • Home
Old Hardians' Association
  • Events & Jobs
    • Old Memories
    • Program & Events
    • Job Opportunities
  • Business Promo
    • Restricted content
  • Alumni Stories
    • Prof. Evan Hardy
    • Birth of an Association
    • Alumni Interview
  • Membership
    • Alumni Login
    • Alumni Register
    • External Business Members
    • Business Member Profile
    • Latest Members
  • About us
    • Executive Committee
    • History of Hardy Institute
    • Contact
    • Alumni Galery
    • News
  • Home


“අමතක නොවන මතක” සැකකරු වු කොන්ඩුවටුවානේ තනි අලියා

6 කොටස

(හාඩි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ආයතනය – අම්පාර )

සරත්ගේ මරණය සම්බන්ධව තිබු මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී නොදැනුවත්කම නිසා සිදු වු අකරතැබ්බයන් කීපයක් දිග හැරීමට බලාපොරොත්තු වෙමි .

එහි සිනාහ උත්පාදන සහ දුක් මුසු කරුණු අඩංගුව ඇතත් ඉන් කිසිම පාර්ශවයකට අගතියක් නොවනු ඇතැයි සිතමි .

නවක සිසුන් හාඩි ආයතනයේ ලියාපදිංචි වී නේවාසිකාගාරයේ ලැගුම් ගත් දිනට පසු පහන් වන යාමයේ එනම් පාන්දර දෙකට පමණ තවත් නවක සිසුවෙකු පැමිණියේය. ඔහු ගාල්ල ප්‍රදේශයේ සිට බස් රථයකින් රාත්‍රී 8 ට පමණ මොණරාගලට පැමිණ ඇත. එකල දැන් මෙන් ප්‍රවාහන පහසුකම් දියුණු වී නොතිබිණි . ඔහු එහි සිට ලොරි රථයක රියදුරුට කාරනය පැහැදිලි කර අම්පාර දක්වා ගමන් පහසුකම ලොරි රථයෙන් යාමට සලසා ගෙන ඇත . එන අතරමග ලොරිය සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී නවතා රියදුරු සහ සහයකයා මත්පැන් පානය කරන්න පටන් ගෙන ඇත . අපේ මේ නවක සහෝදරයා ගෙදරින් සදා දී තිබු මාළු ඇඹුල් තියල් පාර්සලය ඔවුන්ට පරිත්‍යාග කලේය . ඒ නිසා ඔහුටද ඊට සහභාගී වීමට ආරාධනා ලැබී ඇත .

කෙසේ හෝ පාන්දර 1 ට අම්පාරට පැමිණි ඔහු විවෘතව තිබු රාත්‍රී ආපන ශාලාවකින් රොටියක් කා තේ පානය කල බව මා සමග පසු දිනක කියා ඇත.

ඉන් අනතුරුව හාඩි ආයතනය දක්වා පයින් යාමට සැරසෙද්දී එහි සිටි අයවලුන් පවසා ඇත්තේ එම මාර්ගයේ පයින් යාම ඉතාමත් අනතුරුදායක බවත් නිතරම වන අලි ගැවෙසෙන මගක් බවය. ඔහු එම ස්ථානයෙන් පැමිණ ඉඟිණියාගල මාර්ගයේ රැඳී සිටියේ එම මග යන වාහනයක් එනතුරුය.
සෑහෙන වේලාවක් රැඳී සිටියද කිසිඳු වාහනයක් පැමිණ නැත . එකල අද මෙන් වාහනද සුලභ නැත .

අනතුරුව ටිකක් පදම් වී සිටි මොහු තනිවම මෙම මාර්ගයේ හාඩි ආයතනය දක්වා පා ගමනින් පැමිණ ඇත . ඔහු පැවසු අන්දමට නම් මේ මොහොත වනවිට තනි අලියා හාඩි භුමියේ සිටින්නට ඇති බව සක් සුදක් සේ පැහැදිලිය. ඔහුට තනි අලියාගෙන් කරදරයක් නොවීම ඔහු ලැබු වාසනාවකි.

කෙසේ හෝ මොහු නේවාසිකාගාරට ඇතුල් වනවිට පාන්දර 3 ට ආසන්නය සියළු දෙනාම තද නින්දේය .

කෙලවර වු D – 13 කාමරයේ පහන් දැල් වී තිබුණී. කීප දෙනෙකු කථා බස් කරන හඬ ඇසේ. ඔහු කෙලින්ම එම ස්ථානයට ගියේය .
ආ… උඹලට හම්බවුනේ මේ කාමරයද….? මේකේ ඉඩ තියෙනවානේ මමත් මේකෙම ඉන්නම් පවසා ඇත.

එහෙම කොහොමද ….උඹ කවුද කියලා අපි දන්නෙත් නැතුව .
මමත් බං මේ අළුත් Batch එකට ආව එකෙක් .
එහෙමද …. එහෙනම් දියං බලන්න අදාල ලියකියවිලි ටික.
ඔහු බෑගයෙන් ලියකියවිලි ටික රැගෙන උජාරුවෙන්මෙන් කාමරයේ සිටි අයෙක් අත තැබීය.

හහ්…හා . දැන් මොකද උඹලා කියන්නේ හිතුවේ මං බොරු කියනවා කියලානේ ඉනට දෙයත් තබා ගෙන මහ හඬින් සිනාසෙයි.

කාමරයේ සිටි පිරිස මොහුට ඇඳක් දීමට සුදානම් නැත . ඊට හේතුව මොහුගේ පැමිණීමේ ප්‍රමාදයත්, අනතුරුදායක අයුරින් පැමිණීමත් , මත්පැන් සුවඳ වහනය වීමත් හේතු කොට ගෙනය.

අවසානයේ ඉහත වැරදිවලට දඬුවමක් ලෙස D – 3 කාමරයේ ඇඳක් යට පැමිණි ඇඳුම් කට්ටලයෙන්ම නිදා ගැණීමට සැලැස්වු බව දැන ගන්නට ලැබුණී.

D – 13 කාමරයේ කථා බහේ යෙදී සිටියේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සහෝදරයින් තිදෙනෙකි.

පසු දින පහන් වනවිට ආරංචි වුයේ මා 4/5 කොටස්වල ඉදිරිපත් කල අවාසනාවන්ත සිද්ධියයි .

දැන් ඊට අදාල මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය පරීක්ෂා කර අහවරය. ඒ සියල්ල සිදු වුයේ හාඩි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති නුග ගස යටය.

දැන් තියෙන්නේ මහේස්ත්‍රාත් පරීක්ෂණයයි. ඒ සඳහා ස්ථානය ලහි ලහියේ සුදානම් කලේ පුංචි අධිකරණයකට සමානවයි.

හාඩි ආයතනයේ පරිපාලන ගොඩනැගිල්ලේ වම් පස කොටස මේ සඳහා තොරාගත් අතර එම ස්ථානයේ සිට සරත්ට අලියා පහර දුන් ස්ථානයද ඈතින් දිස් වේ.

මහෙස්ත්‍රාත්තුමා ඇතුළු අධිකරණ කාර්යය මණ්ඩලය ගොඩනැගිල්ල තුලද මහේස්ත්‍රාත්තුමාට ඉදිරියෙන් මිදුලේ වම් පස සාක්ෂිකරුවන්ද,දකුණු පස විත්තිකරුවන්ද ස්ථාන ගත කලේය .

අපගේ ආචාර්ය මණ්ඩලයද සාක්ෂිකරුවන්ගේ පැත්තේ ගොඩනැගිල්ල තුලය.දකුණු පස අප කණ්ඩායම හැරුණු විට පොලීසිය සහ පොලිස් රථ කිහිපයක් ඇත.

සාක්ෂිකරුවන් තිදෙනෙකි. ඒ අතර මහා පාන්දර පැමිණ ජ්‍යෙෂ්ඨයින්ගෙන් දඬුවම් ලැබු ⁣නවක සොයුරාද සිටී. ( හඳුනා ගැණීමේ පහසුව සඳහා ඔහුට අපි ආරච්චි යැයි කියමු ) ඔහු ඊට පැය කිහිපයකට පෙර අපේ අයවලුන් අතින් දඬුවම් විඳි නිසා කුමක් කියාවිද යන්න අප තුලද දැඩි සැකයක් හට ගෙන තිබුණී.

මේ අතරතුර අපේ කණ්ඩායමේ සොයුරෙක් ගෙදර ගොස් පැමිනෙමින් සිටී. ඔහු පැමිනෙන්නේ හම්බන්තොට සිටය. හාඩිය ලඟදී බසයෙන් බැස ගත් ඔහු තඩි ට්‍රැවලින් බෑගයක්ද කර පින්නාගෙන හාඩියේ මැද පිවිසුමෙන් ඇතුල් වී පඩි පෙල නැග එන්නේය.

ඒ එනවිට පිරිස රැස් වී සිටිනු ඔහු දකී. ඒ වනතුරුත් ඔහු මේ සිදුවීම ගැන දැනුවත් වී නොමැත . පඩි පෙල නැග ගත් ඔහු පඩි පෙල ආසන්නයේ සිටි අයෙකුගේ පිටට තට්ටු කරමින් මේ ගැන විමසීය .

එය දුටු පොලිස් නිලධාරියෙකු දුව ගොස් මහේස්ත්‍රාත්තුමාට යමක් කීවේය .
වහාම ක්‍රියාත්මක වු මහේස්ත්‍රාත්තුමා. ඔබ ඔතැන කුමක් කරන්නේද..? යන්න විමසන ගමන්ම ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කලේය.
ඔහු තඩි බෑගයත් සමග පොලිස් ජීප් රියට දමා දොර වැසුවේය.

මේ කිසිවක් නොදන්නා හම්බන්තොට ගෙදර ගොස් පැමිණි අපේ සගයා මේ සිද්ධිය සම්බන්ධව කරුණු විමසුවේ සාක්ෂි සඳහා කැඳවා තිබු නවක සොයුරු ආරච්චි්ගෙන්ය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රශ්න ඇසු ආකාරයත් උත්තර දුන් ආකාරයත් ඒ අයුරින්ම ඔබට ඉදිරිපත් කරමි .

දැන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කිරීමට සූදානම්ව මහේස්ත්‍රාත්තුමා කළු
පැහැති උපැස් යුවලක් පැලඳ සුදානම් විය.

අවසන්වරට සරත්ව දුටු අයෙක් සිටීද යන්න විමසීය .

ඔව් , ස්වාමිනි සිටිනවා යැයි පැනපු ගමන් ආරච්චි උත්තර දුන්නේය.

බොහොම හොඳයි , කවුද ඒ..

මම තමයි ස්වාමිනි.

මොකක්ද ඔබේ නම මහෙස්ත්‍රාත්තුමා විමසීය .

ආරච්චි ස්වාමීනි .

ඔබට මෙම මරණයේ සැක කල හැකි කව්රුවත් ඉන්නවද………

ඉන්නවා ස්වාමිනි .

ඒක වැදගත් ඉඟියක් සටහනක් යොදන්න මහෙස්ත්‍රාත්තුමා ලිපිකාරිනියට පැවසීය .

හොඳයි ආරච්චි , ඒ සැකකරු ගැන ඹබ දන්නා විස්තර කියන්න.කවුද සැකකරු .

ආරච්චි සැකෙන් වටපිට බලයි.

වටපිට නොබලා මා දෙස බලාගෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න .
මහේස්ත්‍රාත්තුමා ආරච්චිට කීවේ තරමක උස් හඬින්ය .

ගත් කටටම ආරච්චි කියා සිටියේ මා ඔබතුමා දෙස බලාගෙන තමයි කථා කරන්නේ , ඒ වුනත් ස්වාමිනි ඔබතුමාගේ ඔය කළු පැහැති උපැස් යුවල නිසා ඔබතුමාගේ ඇස් මට නොපෙනේ . ඒ නිසා ඔබතුමා බලා සිටින්නේ කොහෙද කියා මා නොදනී , ස්වාමිනි . යැයි පැවසීය .

මහේස්ත්‍රාත්තුමාට හොඳටම කේන්ති ගියේය.

උඹ මාව විහිළුවකට ගත්තාද , උඹට ලඟ බදුල්ලද , වැලිකඩද ගිගිරුවේය.

ආරච්චි ඊට පිළිතුරු දෙමින් . අපේ ගෙදරට ලඟ වැලිකඩ ස්වාමිනි . යැයි පැවසීය .

මහේස්ත්‍රාත්තුමාට කේන්තිය තවත් ඉහවහා ගියේය .

ආරච්චි කියපං සැකකාරයා කවුද කියලා .

ම්…ම්…කොන්ඩුවටුවානේ තනි අලියා තමයි සැක ස්වාමිනි . ආරච්චි පැවසීය .

මේකාව අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්තුමා පොලීසියට නියෝග කලේය .

ඔහුවද අපේ සගයා සිටි ජීප් රියටම ගාල් කිරීමට පොලීසිය කටයුතු කලේය.

අනතුරුව අනෙත් දෙදෙනාගේ සාක්ෂි විමසු මහේස්ත්‍රාත්තුමා නඩු විභාගය අවසන් කලේය.

පසුව ජීප් රථයේ සිටි ආරච්චිව ගෙන්වා තදින් අවවාද කොට නිදහස් කලේය.

කිසිත් නොදත් අපේ කණ්ඩායමේ සොයුරා
සාක්ෂිකරුවන්ට තර්ජනය කර සාක්ෂි වෙනස් කිරීමට තැත් කලා යැයි චෝදනා මත රැගෙන ගොස් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහුට සිදු වු අකරතැබ්බය ඊ ලග කොටසින් කියවමු ..

මෙම ලිපිය සැකසීමේදී මා හට කරුණු සපයාදී සහය දැක් වු අප කණ්ඩායමේ .

අනුර දිසානායක. සොයුරාටත් .
වසන්ත විජේසේකර. සොයුරාටත්.

කනිෂ්ඨ කණ්ඩායමේ .
උපුල් හෙට්ටිආරච්චි . සොයුරාටත්.
ස්තුති කරන්නට අමතක කරන්නේ නැත.

ජයාරූප මුල් අයිතිකරු සතුය.

මම.
ආර්.ඒ.පී.ඒ.රණතුංග .
ජා:තා:ඩි: (කෘෂි ඉංජිනේරු )
82/85. කණ්ඩායම

Posted By , 07 Jul 2026

SHARE THIS STORY

  • facebook
  • twitter
  • google
Previous Story “අමතක නොවන මතක” රටම කැලඹු හාඩියේ ආන්දෝලාත්මක පුවතින් පසු ..?
Next Story“අමතක නොවන මතක” සෙයිනුඩීන්ට විරුද්ධ නඩු විභාගය
Old Hardians' Association
University
  • Students
  • Events
  • Alumni Galery
Alumni
  • Contacts
  • Career
  • About us
  • Apply to Job
LEGAL
  • Privacy Policy
  • Terms and Conditions
  • Payment Policy
Alumni Account

© 2026 Old Hardians' Association
Powered by SICHROTEC™